Skip to content Skip to footer

ලීක් වුණ දුරකතන ඇමතුමක් තායි අගමැතිනියගේ වෘත්තීය ජීවිතය සහ ෂිනවත් රාජවංශයේ ගමන් මග වෙනස් කළ ආකාරය

තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නැවත වරක් තවත් අගමැතිවරයෙකු ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

පෙතොන්තාර්න් ෂිනවත්, ජූනි මාසයේදී කාම්බෝජයේ දිගු කලක් බලයේ සිටි දේශපාලන නායකයෙකු වන හුන් සෙන් සමග පැවැත්වූ දුරකතන ඇමතුමකදී සදාචාරාත්මක ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බවට එරට නිරන්තරයෙන් දේශපාලනයට මැදිහත් වීම් සිදු කරන කුප්‍රකට විනිසුරුවන් නව දෙනෙකුගෙන් යුත් මණ්ඩලය විසින් තීන්දු කරන ලදී. ඒ, එම දුරකතන ඇමතුම හුන් සෙන් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව ය.

එම සංවාදයේ, පෙතොන්තාර්න් තම රටවල දේශසීමා ආරවුල සම්බන්ධයෙන් හුන් සෙන්ට සහනශීලී ලෙස කතා කරන ආකාරය සහ ඇගේ හමුදාපතිවරයෙකු විවේචනය කරන ආකාරය ඇසෙන්නට විය.

ඇය තම පියා වන තක්සින් ෂිනවත්ගේ පැරණි මිතුරෙකු වන හුන් සෙන් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව වර්ධනය කර ගැනීමට උත්සහ කරමින් සිටි බව පවසමින් තම සංවාදය වෙනුවෙන් පෙනී සිටි අතර, එම සංවාදය රහසිගතව පැවතිය යුතුව තිබූ බව ද පැවසුවා ය.

Leave a comment