Skip to content Skip to footer

බස් කොන්දොස්තරවරයෙකුගේ සිට සුපිරි තරුවක් දක්වා: රැජිණිකාන්ත් ඉන්දීය සිනමාවේ 50 වසරක් සපුරයි

74 හැවිරිදි මෙම සුපිරි තරුව ඉන්දියාවේ දැවැන්ත චරිතයකි Article Information

සිනමා කර්මාන්තයේ දීර්ඝ කාලීන ජනප්‍රියත්වයක් පවත්වා ගැනීම අතිශය දුෂ්කර සන්ධිස්ථානයකි.

ඉන්දියානු සුපිරි තරුව රැජිණිකාන්ත් සම්බන්ධයෙන් ගත් කල චිත්‍රපට ක්ෂේත්‍රයේ වසර 50ක් යනු පැවැත්ම පිළිබඳ කරුණක් පමණක් නොවේ – එය සිනමා ශාලා කෝවිල් බවටත් ප්‍රේක්ෂකයින් බැතිමතුන් බවටත් පත් කරන නොබිඳුණු පාලනයක් පිළිබඳ කතාවකි. ඔහුගේ බොහෝ සිනමා කෘති සමෘද්ධිමත් දෙමළ භාෂා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වී ඇති අතර, එහිදී ඔහුගේ චිත්‍රපට පරම්පරා ගණනාවක ආකර්ෂණයට ලක්ව තිබේ.

1975 දී, ශිවාජි රාඕ ගයික්වාඩ් නමැති තරුණයා මදුරාසියේ (දැන් චෙන්නායි) අපූර්වා රාගංගල් නමැති චිත්‍රපටය රූගත කිරීමේ ස්ථානයකට ගියේ ය. එහි ඔහු ආඩම්බර රස්තියාදු පෙම්වතෙකුගේ චරිතයක් රඟපෑවේ ය. ඉන්පසුව සුළු කාලයක් තුළදී ලෝකය පුරා රැජිණිකාන්ත් ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ, ඔහු ය.

දශක පහකට ආසන්න කාලයක් තුළ චිත්‍රපට 170ක රඟපෑමෙන් පසු, රැජිණිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන කුලී (Coolie) අගෝස්තු 14 වන දින ප්‍රදර්ශනයට එක් විය. එය ඔහුගේ ම ජීවිතය පිළිබිඹු කරන කතාවකින් ඔහුගේ සිනමා ගමන සමරයි. ඔහු එහි ධනවත්, පීඩාකාරී දුෂ්ටයෙකු සමග සටන් කරන කම්කරු පන්තියේ වීරයෙකු ලෙස රඟපායි.

Leave a comment