දීප්තිමත් තරු පොකුරුවලින් සැරසී ඇති රාත්‍රී අහස දෙස බලා ඔබ ඔබෙන් මෙසේ අසන්න: සම්පූර්ණයෙන් ම තේරුම් ගැනීමට නොහැකි තරම් විශාල විශ්වයක අප ඇත්තට ම සිටින්නේ තනිව ම ද?
එසේ නොවන්නට ඉඩක් ඇත. පෘථිවිය යනු බිලියන ගණනක් වෙනත් ග්‍රහලෝක සහ තාරකා ආදියෙන් සමන්විත විශාල ප්‍රදේශයක පිහිටා ඇති ඉතා කුඩා ග්‍රහලෝකයකි. එබැවින් අප එහි හෝ එවැනි අසල්වැසි මන්දාකිනියක සිටින එක ම ජීවය වන්නේ කෙසේ ද?
එබැවින්, පෘථිවිය වැනි පරිපූර්ණ නියාමනයක් ඇති පරිසරයෙන් පිටත ජීවය ගැන අප දන්නේ මොනවා ද?
බොහෝ විශේෂඥයින් පවසන්නේ, පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රබල සාක්ෂි නොමැතිව වුව ද, ඔවුන් සිටින බවට අප නිගමනයකට එළඹිය යුතු බව යි. ඇස්තමේන්තු කර ඇති පරිදි බිලියන 200ක මන්දාකිණිවලින් එකක් වන අපගේ ක්ෂීර පථ මන්දාකිණියේ පමණක් තාරකා බිලියන 300ක් පමණ අඩංගු වේ. අපට අයත් තාරකාව එනම් සූර්යයා පෘථිවියේ ජීවයේ ප්‍රධාන ප්‍රභවයයි.
විද්‍යාඥයෝ නිරන්තරයෙන් එවැනි තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝක සොයා ගනිමින් සිටිති. ඒවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක එනම්, ‘exoplanets’ ලෙස හැඳින්වේ. “අපිට හොඳට ම විශ්වාසයි එහෙම දෙයක් තියෙනවා කියලා,” යැයි අභ්‍යවකාශ විද්‍යාඥ ආචාර්ය මැගී ඇඩරින්-පොකොක් පවසයි. “එය තනිකරම ගණිතමය ක්‍රීඩාවක්. ඒ කියන්නේ සම්භාවිතාව කියලා.”
